Monday, March 12, 2018

දඩුවම් ලද නිසා නායක චන්දිමාල් නිදහස් තරග 2 කින් ඉවතට

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නිදහස් කුසලාන විස්සයි - 20 ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පෙරේදා (10දා) පැවැති තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් නියමිත කාලය තුළ පන්දුවාර ගණන සම්පූර්ණ නොකිරීමේ වරද හේතුවෙන් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් හට ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරග දෙකක් අත්හිටුවා ඇතැයි වාර්තා වේ. අයි.සී.සී. තරග තීරක ක්‍රිස් බ්‍රොඩ් විසින් ඊයේ සවස කරන ලද කරුණු විමසීමකින් පසුව මෙම තීරණය ගත් බවද පැවැසේ. මේ අනුව නිදහස් කුසලාන විස්සයි - 20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමඟ අද (12දා) පැවැත්වෙන තරගය සහ මාර්තු 16දා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයද ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට අහිමි වන අතර එම තරග දෙකට අදාළව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සඳහා තිසර පෙරේරා පත් කර ඇත. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල (අයි.සී.සී.) නීති රීතිවලට අනුව විස්සයි - 20 ජාත්‍යන්තර තරගයකදී මිනිත්තු 75ක් තුළ නියමිත පන්දුවාර විස්ස සම්පූර්ණ කළ යුතු අතර අයි.සී.සී. රෙගුලාසිවලට ඇතුළත් 2.5.2 වගන්තිය උල්ලංඝණය කිරීම නිසා මෙම දඬුවම පනවා ඇත.

Thursday, January 11, 2018

මාලිංග සුඛෝපභෝගී BMW i 8 රථයක් මිලදී ගනී

ශ්රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්රීඩක ලසිත් මාලිංග මේ දිනවල ක්රිකට් පිටියෙන් තරමක් ඈත්ව සිටින්නේ ජාතික කණ්ඩායමට නම් නොකිරීම හේතුවෙන්.

හැබැයි ඔහුගේ දක්ෂතා යළිත් දැක බලා ගන්නට මෙරට ක්රීඩාලෝලීන් බලාපොරොත්තුවෙන් සිටිනවා.

හැබැයි ක්රිකට් පිළිබඳ ආරංචි එහෙම වෙද්දි මාලිංග මිලදී නවීන පන්නයේ සුඛෝපභෝගී BMW රථය ගැන
තොරතුරක්  අපට වාර්තා වුණා.

ඔහු නවතම සුඛෝපභෝගී BMW i8 රථයක් මිලදී ගෙන ඇති අතර  එය රුපියල් කෝටි තුනකට ආසන්න   බවයි දැනගන්නට ලැබෙන්නේ





.




Monday, July 17, 2017

ඉරාජ්ගෙ අලුත්ම ආන්දෝලාත්මක VIDEO එක! ලංකාවෙ YOUTUBE RECORD කඩනව සත්තයි.FILM එකක් බැලුව වගේ.

ලංකාවෙ වැඩිම මුදලක් හොයන Official Youtuber කව්ද ඇහුවොත් නම් කොච්චර ආවත් මුලින්ම එන නම Iraj.ඉරාජ් මේ Youtube සෙල්ලමට හරියටම එන්නෙ සිල් බිඳගත්තෙ විඩියෝවත් එක්ක.ලංකාවෙ Youtube Record කඩපු මේ සිංදුවෙ වෙනසක් වුණේ “තොල් සිපගැනීමක්” ඇතුළත් වීම.
iraj ඒ විදිහට ගෙනාව රැල්ල කට්ටිට copy කරද්දි iraj ගෙ අලුත් video එක සෑහෙන්න ලොකු වෙනසක් කරල තියෙනව.මේ විඩියෝව සම්ප්‍රදායික විඩියෝ රැල්ලෙන් එහාට ගිහින් short moviec music video කියන concept එකට ගිහින් තියෙනව.ඔන්න මේ “short moviec ” කියන්නෙ live online අපේ වචනයක්. 
කලින් විඩියෝ වල වගේම සමාජයට ලොකු ආදර්ශයක් දෙන මේ විඩියෝවෙ නිරුවත් බොහොම අඩුයි.මේ විඩියෝවෙ Live Online අපි නම් දැක්කෙ අධ්‍යක්ෂක Priyanga Ranasinghe ගෙ Cinematography වල තියෙන උසස් බව.Music Video එකකට වඩා මේක සිනමා නිර්මාණයක්.පල්ලෙහටම ගියාම විඩියෝ එක බලන්න පුලුවන්



Monday, July 3, 2017

ශ්‍රී ලංකාවේ පවා නොසිට ශ්‍රී ලංකා ක්‍රීකට් පාලනය කරනා ශ්‍රී ලංකා ක්‍රීකට් "ගොඩ් ෆාදර්" චාලි ඔස්ටින් .

ලසිත් මාලිංග ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගැනීම කාගෙ තීරණයක්ද ?

ආන්ජලො මැතිවුස් ශ්‍රී ලංකා ක්‍රීකට් ඊළග නායකයා කිරීම කාගෙ තීරණයක්ද ?

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ක්‍රීඩා ගිවිසුම් සදහා ලබා දෙන මුදල් අඩු කිරීමට උත්සාහ කල අවස්තාවේ ක්‍රීඩකයන් කොන්ත්‍රාත් අත්සන් නොකර සිටිම කාගෙ තීරණයක්ද ?

මේ සියලුම ප්‍රශ්න සදහා පිළිතුර එකකි. නමුත් ශ්‍රී ලංකා රසිකයන් කිසිසේත්ම බලාපොරොත්තු නොවන නමකි ඒ..

චාලි ඔස්ටින් ? 
ඔබ අසා තිබෙනවාද ?

ඔව්. ශ්‍රී ලංකාවේ පවා නොසිට ශ්‍රී ලංකා ක්‍රීකට් පාලනය කරනා ශ්‍රී ලංකා ක්‍රීකට් "ගොඩ් ෆාදර්" චාලි ඔස්ටින් .

ඉහත සෑම ගැටලුවකටම පිළිතුර චාලි ඔස්ටින්.

එංගලන්තයේ ජීවත් වන හම සුදු මිනිසෙකුට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අර්ජුණ රණතුලංග ලා තිලංග සුමතිපාල ලාටත් වඩා බලපෑමක් කල හැකි බව අපගේ රසිකයන්ට සුරංගනා කතාවක් බදු වේවි.

නමුත් රසිකයන් නොදන්නා, ක්‍රීකට් පාලනාධිකාරියට මහා හිසරදයක්ව පවතින ශ්‍රී ලංකා ක්‍රීකට් ගොඩ් ෆාදර් , යටිකූට්ටු උගුල් පියා චාලි ඔස්ටින් පිළිබදවයි මේ සටහන.

චාලි ඔස්ටින් ශ්‍රී ලංකා ක්‍රීකට් ක්‍රීඩාවට හදුන්වා දෙන්නෙ කුමාර් සංගක්කාර. 
චාලි ඔස්ටින් කුමාර් සංගක්කාරගේ කළමනාකරු ලෙසයි ශ්‍රී ලංකා ක්‍රීඩාවට මැදිහත් වන්නෙ.
ඉන්පසු සංගාගේ අතිජාත මිත්‍ර මහේල සමග ගිවිසුම්ගතව මහේල ගේද කළමනාකරු බවට චාලි ඔස්ටින් පත්වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයන් දෙදෙනාගෙන් පසු ලසිත් මාලිංග සමගද සිය ගිවිසුම් අත්සන් කරනා චාලි ඔස්ටින් , ක්‍රමයෙන් සංගක්කාර සහ මහේල භාවිතා කොට ශ්‍රී ලංකා කණ්ඩායමේ බොහො ක්‍රීඩකයන් ගිවිසුම් ගත කර ගන්නවා.

මේ අතර යොවුන් ක්‍රීඩක ඇන්ජලො මැතිවුස් ද සිටියා. 
කණ්ඩායමේ අනෙක් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයා තිලකරත්න දිල්ශාන් ද සිය යටතට ගැනීමට ඔස්ටින් සැලසුම් කලත් දිල්ශාන් එය ප්‍රතික්ෂේප කරනවා. තිලකරත්න දිල්ශාන් සමග චාලි ඔස්ටින් ගේ වෛරය ඇරබෙන්නෙ එතැන් සිටයි.

ඉන් පසුව තිලකරත්න දිල්ශාන්ට එල්ල වූ තරග පාවා දීමෙ චෝදනා සියල්ල චාලි ඔස්ටින් ගේ මොළයෙන් ක්‍රීයාත්මක කල උගුල් යැයි කිවෝත් ඔබ පුදුම වේවි. (මේ පිළිබද එකල ඉංග්‍රීසි වෙබ් අඩවි වල පලවු වාර්තා සාක්ෂි වශයෙන් කමෙන්ට්ස් තීරුවෙ ඉදිරිපත් කර ඇත)

නමුත් කෙසේ හෝ තරග පාවා දීමෙ චෝදනාවෙන් ගැලවුනු දිල්ශාන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත් වනවා.

එතැන් සිට සිය ක්‍රීඩකයන් දෙදෙනා වන මහේල සංගා භාවිතා කරමින් චාලි ඔස්ටින් ශ්‍රී ලංකා කණ්ඩායම තරග පරාජය කිරීමට භාවිතා කරනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමෙ ආදිපත්‍ය තමන් සතු කර ගැනීමට තමන් සතු ක්‍රීඩකයෙකු වන ඇන්ජලො මැතිවුස් ට මීළග නායකත්වය ලැබිය යුතු බව සිතනා ඔස්ටින් සිය සැලසුම සාර්ථක කර ගැනීමට භාවිතා කරන්නෙ මහේල ජයවර්ධනයි..

දිල්ශාන්ට නායකත්වය අහිමි වන්නෙත් , ඇන්ජලො මැතිවුස් ට නායකත්වය හිමි වන්නෙත් එලෙසයි.

දිල්ශාන් ට සංගා මහේල ඇතුලු කණ්ඩායමේ සහය නොලැබීම නිසා ඔහු නායකත්වයෙන් ඉවත් වූ පසු කෙටිකාලීනව මහේල නායකත්වය භාර ගන්නෙ මහේලගෙන් පසු නායකයා ආන්ජලො මැතිවුස් විය යුතුයැයි ශ්‍රී ලංකා ක්‍රීකට් බලධාරීන් සමග එකගතාවයකට පැමිනීමෙන් අනතුරුවයි.

මේ ශ්‍රී ලාංකික රසිකයන් නොදන්නා , එනමුදු ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය කරනා චාලි ඔස්ටින්ගේ හපන්කම් කිහිපයක් පමනි.

වර්තමානය වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් විස්සක් චාලි ඔස්ටින් සමග ගිවිසුම්ගතවය.

චාලි ඔස්ටින් ප්‍රතික්ෂේප කරනා ක්‍රීඩකයන්ට නායක ඇන්ජලො යටතේ ක්‍රීඩා කිරීමට වරම් නොමැත.

ධණංජය ද සිල්වා ට සිදු වූයෙ කුමක් දැයි මා ඔබට නොකියමි. 2016 වර්ෂයේ සාර්ථකම පිතිකරුවාගේ ස්ථානය වෙනස් කොට තරගයක් අසාර්ථක වූ සැනින් ස්වාභාවික සේ පෙන්නා එලියට ඇද දැම්මේ චාලි ඔස්ටින් මාෆියාවයි..

වත්මන් කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ල , දිනේෂ් චන්දිමාල්, ඇන්ජලො මැතිවුස්, ලසිත් මාලිංග ඇතුලු ක්‍රීඩකයන් විස්සක් චාලිගෙ යටතේය.

ඇන්ජලො මැතිවුස් සමග පරහක් නොතිබුනා නම් දිනේෂ් චන්දිමාල් කෙතරම් අසාර්ථක වුවත් එලියට විසි වන ක්‍රීඩකයෙක් නොවෙ. ඇන්ජලෝ හරහා චාලි ඔස්ටින් ට චන්දිමාල් කණ්ඩායමේ තබා ගැනීමට තිබිනි.

උපුල් තරංග එලියට විසි නොවීමට හේතු දෙකක් තිබෙ. එකක් ඔහු අසාර්ථක නොවීමයි. අනෙක චාලි ඔස්ටින්ගේ දකුණු අත සංගක්කාර උපුල් ගේ මිත්‍රයෙකු වීමයි. එසේත් නොමැති නම් ආන්ජලො මැතිවුස් හෝ චාලි ඔස්ටින් උපුල් තරංග කණ්ඩායමෙ සිටිනවාට ප්‍රිය නොවේ.

අපක්ෂපාතීව බැලු විට වත්මන් කණ්ඩායමේ සත්‍ය මෙයයි.

මේ කිසිවක් බොහො රසිකයන් නොදන්නා අතර ඔහුන් සිතන්නෙ හොදම ක්‍රීඩකයන් කණ්ඩායමට ක්‍රීඩා කරන බවත් කණ්ඩායමේ කිසිදු ගැටලුවක් නොමැති බවයි.

එනමුදු එදා අර්ජුණට පාලනය කර ගත නොහැකි වු , අද තිලංග සුමතිපාලට සමගියෙන් කටයුතු කිරීමට සිදුව තිබෙන චාලි ඔස්ටින් සාධකය ඒ තරම් ප්‍රබලව ක්‍රීයාත්මක වේ.

චාලි ඔස්ටින් එක්වරම කරලියට පැමිනෙන්නේත් ඔහු ගැන මෙම සටහන ලිවීමට මා පෙළබෙන්නෙත් මාධ්‍යයන්හි පලවූ වාර්තාවක් නිසාය.

"සිම්බාබ්වේ කණ්ඩායම සමග ඊයේ (02) පැවති තරගයේ වීරයා ලෙස සම්මාන දිනූ ලක්ෂාන් සඳකැන් එම තරගයට සභාගිවීම වළක්වාලීමේ උත්සාහයක් පැවති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරිවරයෙකු nethnews.lkවෙත කරුණු අනාවරණය කළා.

ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේ කළමනාකාරීත්වය දරන විදෙස් පුද්ගලයෙකු මෙම උත්සාහයේ නිරතව තිබෙනවා.

ඔහු ලක්ෂාන් සඳකැන් වෙනුවට තමන් කළමනාකරු ලෙස කටයුතු කරන වෙනත් ක්‍රීඩකයෙකු තරගයට එක්කිරීමට ඔහු බලපෑම් කළ ද තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියගේ උපදෙස් මත ලක්ෂාන් සඳකැන් තරගයට එක්කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරිවරයා සඳහන් කළේ"

මේ විදෙස් පුද්ගලයා කවුරුන්දැයි දැන් නම් ඔබට සිතා ගත හැකිය.
ඔව් ඒ චාලි ඔස්ටින්.

කණ්ඩායමේ ක්‍රීඩකයෙකුගේ පෞද්ගලික කළමනාකරුවෙකු කණ්ඩායමේ තේරිම් කරන්නෙ කොහොමද ?

ඔබට හිතෙනවා ඇති.

චාලි ඒ බලපෑම කරන්නෙ කණ්ඩායම් නායකයා මැතිවුස් හරහා. මැතිවුස් ටත් නායකත්වය ලැබුනේ චාලි ඔස්ටින් නිසා.

මැතිවුස් සදකැන් ට චාලි කළමනාකරු කර ගන්නා ලෙසට උපදෙස් දුන්නත් තමන්ගෙ මුදල් වලින් කොටසක් වෙන කෙනෙකුට දෙන්න අකමැති නිසා ලක්ෂාන් එය ප්‍රතික්ෂේප කරනවා.

ඉන්පසුව සදකැන් ගෙන් පලිගැනීමට මැතිවුස් යොදාගෙන ඔහුව කණ්ඩායමෙන් ඉවත් කිරීමට චාලි සුදානම් වනවා .
නමුත් සනත් ජයසූරීයගේ කොන්ද නිසා ලක්ෂාන් තරගයට ක්‍රීඩා කරනවා. තරගයෙ වීරයා වෙනවා.

මුදල් සහ බලය නිසා මේ විදේශිකයා ශ්‍රී ලංකා ක්‍රීඩාවට සිදු කරනා විනාශයේ පරිමාව ඔබට පෙනෙනවාද ?

මේ පිළිබවද ඔබ නොදැන සිටි නිසා මේ සියල්ල සුරංගනා කතා ලෙස පෙනෙනවා නම් මම යෝජනා කරනවා ඔබට කමෙන්ට් තීරූවෙ ඇති ඉංග්‍රීසි වෙබ් අඩවි වල පල වූ ලිපි කියවා පැමිනෙන ලෙස.

වික්ට්‍රී ඉන්දීය චිත්‍රපටයේ විජේ ශේකාවත් ට ඔහුගේ කළමනාකරු සිදු කල විනාශයම චාලි ඔස්ටින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සහ ක්‍රීඩකයන්ට සිදු කරමින් සිටිනවා.

තමන් පාලනයේ තබා සිටිනා සියලු ක්‍රීඩකයන්ගේ ෆේස්බුක් ට්විටර් ආදි ගිණුම් වලත් පාලනය තබා ගෙන සිටිනා චාලි ඔස්ටින් , ඔහුට විරුද්ධව කතා කිරීමට උත්සාහ දරනා මාධ්‍යවේදීන්ද මර්ධණය කිරීමට උත්සාහ කරමින් සිටි.

චාලි පිළිබද පුවත්පතකට ලිපියක් ලිවීමට උත්සාහ කල මාධ්‍යවේදියෙකුට රැකියාව අහිමි වන්නෙ එලෙසිනි

පලමු මට්ටමේ සුපිරීතම ක්‍රීඩකයන් සියල්ල චාලි විසින් බිලි බා ගෙන අවසන් නිසා පාලකයන්ට සිදු කල හැකි දේ ඉතා අවමයි..

මොහොතක් සිතන්න.

2016 වසරෙ හොදම පිතිකරු ධණංජය ද සිල්වා කෝ ?

ලක්ෂාන් සදකැන් ඊළග තරගය ක්‍රීඩා කලත් ඔහු කණ්ඩායමෙන් විසි වන දිනය මෑතක නොවෙද ?

එක තරගයක් අසාර්ථක වූ පමණින් ලක්ෂාන් කණ්ඩායමෙන් ඉවත් නොවේවි යැයි ඔබ සිතනවාද ?

ශ්‍රී ලංකා රසිකයන් පුරාවෘත්ත ඝනයෙහි ලා ගරු කරන සංගා - මහේල ශ්‍රී ලංකා ක්‍රීකට් ක්‍රීඩාවට රෝපණය කර ඇති පිළිලයේ තරම වැටහෙනවාද ?

අප ඇන්ජලෝ මැතිවුස්ගේ නායකත්වයට විරුද්ධ ඔහුගේ ආගම ජාතිය මත නොවේ.
අප චමින්ද වාස් ලාට , රසල් ආර්නල්ඩ් ලාට , මුරලි ලාට අතිශය ආදරය කරමු.

නමුදු ආන්ජලෝ දේශපාලකයන් , චාලි ඔස්ටින් ලා සමග ඩීල් දමා මේ විනාශ කරන්නෙ ශ්‍රී ලාංකේය ක්‍රීඩාවයි.

දයාසිරි ජයසේකර ඇමතිතුමනි,

බඩට නම් ඕනෑ දෙයක් කරගත හැක.

නමුත් හැකි නම් ශ්‍රී ලංකා ක්‍රීකට් ක්‍රීඩාවේ පිළීකාව චාලි ඔස්ටින් ක්‍රීඩකයන්ගෙන් ඉවත් කර තේරීම් කමිටුවට නැවත බලය ලබා දෙන්න

දේශපාලකයන්ගෙන් , ක්‍රිඩා සමාජ වලින් , පාසල් වල ආදි ශිෂ්‍ය සංගම් වලින් එල්ල වන බලපෑම් වලට නොසැලෙන තේරීම් කමිටුව සහ නායකයෙක් පත් කරන්න.

ශ්‍රී ලංකා ක්‍රීකට් ක්‍රීඩාවට බඩ අඩු කර ගැනීමටත් වඩා අත්‍යවශ්‍යම එයයි.







Sunday, July 2, 2017

ලෝකෙන්ම තුන්වෙනියා - ලංකාවෙන් පළවෙනියා, ජාත්‍යන්තර පිටියට ආව දවසෙම වනිදු වාර්තා තබයි




ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ පිළ අතර පැවැත්වෙන දෙවන එක්දින තරඟයේදී වනිදු හසරංග විසින් කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට සමත්වුණා.
මෙම තරඟය ඔහුගේ පළමු එක්දින ජාත්‍යන්තර තරඟය වීම විශේෂත්වයක් වන අතර එලෙසින් පළමු එක්දින තරඟයේදීම කඩුලු ත්‍රිත්වයක් ලබාගත් ලොව 3වන ක්‍රීඩකයා ලෙසින් වනිදු වාර්තා අතරට එක්වනවා.




Wednesday, June 21, 2017

මටයි, කුලේටයි තමයි හොඳටම ෆිට්නස් තියෙන්නේ, මීට වඩා තවත් මොනවද අපිට කරන්න කියන්නේ.?

මේ දවස්වල හැමතැනම වගේ කතාවෙන සිද්ධියක් තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශරීර සුවතාව.
ඒකට හේතුව තමයි පසුගියදා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශරීර සුවතාව හා උදරය ගැන සිදුකළ විවේචනාත්මක ප්‍රකාශය.
ලබන 30 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය මැන බැලීම සඳහා පරීක්ෂණයක් ඊයේ පවත්වා තිබුණා.
ක්‍රීඩකයින් 28 දෙනෙකු සහභාගීවී තිබූ අතර මාලිංග ඒ ගැන දක්වා තිබුණේ මෙවැනි අදහසක්.

‘‘අපේ ෆිට්නස් ටෙස්ට් එක තිබ්බා, ඉදිරියේදී තියෙන ටුවර් එකට ටීම් එකේ හොඳම 11 දෙනා තොරගන්න එක ගැන තමයි හැමෝම හිතන්නේ. 28 දෙනෙක් සහභාගී වුණු ෆිට්නස් ටෙස්ට් එකෙන් දුවද්දි හොඳටම ෆිට්නස් තියෙන්නේ කුලේට. 
කුලේ තමයි අංක 1ට තේරුණේ. දෙවනි තැන තියෙන්නේ මට. අපේ ෆිට්නස් ගැන සමහර අයට ලොකු ප්‍රශ්නයක් තිබුණා.
මට අහන්න තියෙනවා අයගෙන් ප්‍රශ්නයක්. එදා ඉඳන් සෙල්ලම් කරපු කුලේටයි මටයි තමයි හොඳටම ෆිට්නස් තියෙන්නේ. තවත් මොනවද මීට වඩා අපිට කරන්න තියෙන්නේ.. ? යනුවෙන් මාලිංග පවසා තිබෙනවා.


Tuesday, June 20, 2017

ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චි අත්අඩංගුවට?(VIDEO)

නව පරපුරේ ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චිව පොලිස් අත්අඩංගුවට පත්වීමේ ජායාරූප කිහිපයක් මේ දිනවල සමාජජාල වෙබ්අඩවිවල ව්‍යප්ත වනවා.
එහෙත් එය ලගදීම නිකුත් වීමට නියමිත ගිතයක රූප රචනයක් සදහා සිදුකල රඟපෑමක් බවයි වාර්තාවන්නේ.







හැමෝම හිතුවේ මෝස්තර නිරූපිකාවන් කියලා - ඒත් ඕස්ට්‍රේලියානු කාන්තා ටීම් එක එංගලන්තෙට ආවේ මෙහෙමයි - වීඩියෝ


Monday, June 12, 2017

වගකීම මම බාර ගන්නවා..”ඩුප්ලේසි

දකුණු අප්‍රිකා කණ්ඩායමේ චැම්පියන්ස් කුසලාන තරඟාවලියට එක් වුයේ ශ්‍රේණි ගත කිරීම් වල පළමු තැන දිනාගත් කණ්ඩායම ලෙසිනි.අවසානයේ දකුණු අප්‍රිකාවේ චැම්පියන්ස් කුසලාන ඉරණම තීරණය වුයේ චැම්පියන්ස් කුසලානයට එකතු වූ අවසානම ශ්‍රේණි ගත කණ්ඩායම වූ පකිස්ථානය අතින් පරාජයට පත්වීමත් සමඟය.
ඉන් පසුව පැවති ඉන්දියාව සමඟ තරඟයෙන්ද පරාජයට පත්වූ දකුණු අප්‍රිකා කණ්ඩායම චැම්පියන්ස් කුසලානයෙන් ඉවතට විසිවූ අතර ඉන්දීය කණ්ඩායම සමඟ තරඟය පරාජයට පත්වීමේ ප්‍රධාන හේතුවක් ලෙස දකුණු අප්‍රිකාවේ දුර්වල කඩුලු අතර දිවීම පෙන්වා දිය හැක.
තරඟයේ දුවද්දී දැවී යාම් දෙකකම අවසාන වගකීම පැවරුනේ දකුණු අප්‍රිකා උප නායක ෆැට් ඩුප්ලේසිටය ටය.
තම නායකයාගේ දුවද්දී දැවී යාමේ වගකීම බාරගන්නා ෆැට්, මිලර්ගේ දුවද්දී දැවී යාම ගැනද අදහස් දක්වා ඇත.
“මම සම්පුර්ණ වගකීම ගන්නවා ඩිවිලියස්ගේ දුවද්දී දැවී යාමේ,එතන සම්පුර්ණ වරද මගෙන් උනේ.ඩිවිලියස් කියන්නේ අපිට ඉන්න ප්‍රදානම ක්‍රීඩකයා,ඒ වෙලාවේ ඔහු හොඳින් පන්දුව දකිමින් හිටියේ අවාසනාවට මගේ පැත්තෙන් වුන වරදක් නිසා තමයි එයාට ඉනිම අවසන් කරන්න වුනේ”
එම දැවී යාමෙන් පන්දු කිහිපයකට පස්සේ ඩේවිඩ් මිලර්ද දුවදදී දැවී යාමකට ලක් වුන අතර එම අවස්තාවේ පැවති තත්වය පිළිබඳව ඩුප්ලේසි තම අත්දැකීම විස්තර කර ඇත.
“ඒ වෙලාවේ පුදුම සද්දයක් තිබුනේ අපි දෙන්න ළඟ ඉදගෙන කතා කරන දේවත් අපිට ඇහෙන නැති තරම් සද්දයක් තිබුනේ.අපි කථා කරගත්තේ පුළුවන් හැම ලකුනම අරගෙන හොඳ සම්බන්දතාවයක් එක්ක ඉස්සරහට යන්න තමයි අපි හිතාගෙන හිටියේ පන්දු කීපයයි ගියේ,ඩේවී ලකුණකට ඉස්සරහට ආව මමත් දැක්ක එතන ලකුණක් අන්තිමට අපි දෙන්නම පිටිය මැද තනි වුනා.”

වගකීම මම බාර ගන්නවා..”ඩුප්ලේසි

දකුණු අප්‍රිකා කණ්ඩායමේ චැම්පියන්ස් කුසලාන තරඟාවලියට එක් වුයේ ශ්‍රේණි ගත කිරීම් වල පළමු තැන දිනාගත් කණ්ඩායම ලෙසිනි.අවසානයේ දකුණු අප්‍රිකාවේ චැම්පියන්ස් කුසලාන ඉරණම තීරණය වුයේ චැම්පියන්ස් කුසලානයට එකතු වූ අවසානම ශ්‍රේණි ගත කණ්ඩායම වූ පකිස්ථානය අතින් පරාජයට පත්වීමත් සමඟය.
ඉන් පසුව පැවති ඉන්දියාව සමඟ තරඟයෙන්ද පරාජයට පත්වූ දකුණු අප්‍රිකා කණ්ඩායම චැම්පියන්ස් කුසලානයෙන් ඉවතට විසිවූ අතර ඉන්දීය කණ්ඩායම සමඟ තරඟය පරාජයට පත්වීමේ ප්‍රධාන හේතුවක් ලෙස දකුණු අප්‍රිකාවේ දුර්වල කඩුලු අතර දිවීම පෙන්වා දිය හැක.
තරඟයේ දුවද්දී දැවී යාම් දෙකකම අවසාන වගකීම පැවරුනේ දකුණු අප්‍රිකා උප නායක ෆැට් ඩුප්ලේසිටය ටය.
තම නායකයාගේ දුවද්දී දැවී යාමේ වගකීම බාරගන්නා ෆැට්, මිලර්ගේ දුවද්දී දැවී යාම ගැනද අදහස් දක්වා ඇත.
“මම සම්පුර්ණ වගකීම ගන්නවා ඩිවිලියස්ගේ දුවද්දී දැවී යාමේ,එතන සම්පුර්ණ වරද මගෙන් උනේ.ඩිවිලියස් කියන්නේ අපිට ඉන්න ප්‍රදානම ක්‍රීඩකයා,ඒ වෙලාවේ ඔහු හොඳින් පන්දුව දකිමින් හිටියේ අවාසනාවට මගේ පැත්තෙන් වුන වරදක් නිසා තමයි එයාට ඉනිම අවසන් කරන්න වුනේ”
එම දැවී යාමෙන් පන්දු කිහිපයකට පස්සේ ඩේවිඩ් මිලර්ද දුවදදී දැවී යාමකට ලක් වුන අතර එම අවස්තාවේ පැවති තත්වය පිළිබඳව ඩුප්ලේසි තම අත්දැකීම විස්තර කර ඇත.
“ඒ වෙලාවේ පුදුම සද්දයක් තිබුනේ අපි දෙන්න ළඟ ඉදගෙන කතා කරන දේවත් අපිට ඇහෙන නැති තරම් සද්දයක් තිබුනේ.අපි කථා කරගත්තේ පුළුවන් හැම ලකුනම අරගෙන හොඳ සම්බන්දතාවයක් එක්ක ඉස්සරහට යන්න තමයි අපි හිතාගෙන හිටියේ පන්දු කීපයයි ගියේ,ඩේවී ලකුණකට ඉස්සරහට ආව මමත් දැක්ක එතන ලකුණක් අන්තිමට අපි දෙන්නම පිටිය මැද තනි වුනා.”

ක්‍රිකට් පිටියේ සුවිශේෂී තොරතුරු දැනුවත් වීමට  CeylonSportsCoverage  ට like කර අප සමඟ එක් වන්න




Sunday, June 11, 2017

ඉන්දියාව අවසන් පූර්ව වටයට

ශූරයන්ගේ කුසලාන තරගාවලියේ බී කාණ්ඩය යටතේ දකුණු අප්රිකාවට එරෙහිව ලන්ඩන්හි ඕවල් ක්රීඩාංගණයේදී අද (11 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 8 පහසු ජයක් අත්කරගත් ඉන්දියාව තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

මෙම තරගය පරාජය වීම නිසා දකුණු අප්රිකාවට මෙවර තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.

ජයග්රහණය සඳහා ලකුණු 192 ඉලක්කයක් හඹාගිය ඉන්දියාව ඕවර 38 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගිය අතර පන්දු 101 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 76 ක් රැස්කළ නායක විරාට් කෝලි සිය කණ්ඩායම ජයග්රහණය කරා ගෙන ගියේය. කෝලි අද දිනයේදී ලබාගත්තේ සිය එක්දින දිවියේ 41 වැනි අර්ධ ශතකයයි.

ආරම්භක පිතිකරු ශිකර් ධවාන් (78) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 148 කදී ලකුණු 128 ක් සම්බන්ධතාවක් ගොඩනැගූ කෝලි, ඉන් නොනැවතී යුවරාජ් සිං (නොදැවී 23) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 47 කදී ලකුණු 42 නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනගමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්රහණය සඳහා මග පැදූවේය.

පන්දු 83 කදී වාර්තා වූ ධවාන්ගේ 19 වැනි එක්දින අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 12 කින් සමන්විත වූ අතර පන්දු 25 කදී වාර්තා වූ යුවරාජ්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහරක් ඇතුළත් විය.
කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලිගේ ආරධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්රිකාව ඕවර 44.3 ක් අවසානයේ ලකුණු 191 කට සීමා කිරීමට ඉන්දීයාව සමත් විය.
. බී. ඩිවිලියර්ස්ගේ දැවීයෑමෙන් අනතුරුව දකුණු අප්රිකානු ඉනිමේ කඩා වැටීම ආරම්භ වූ අතර එතැන් සිට ලකුණු 51 ක් තුළ ඉතිරි කඩුලු 8 බිඳ හෙළීමට ඉන්දීය ක්රීඩකයෝ සමත් වූහ. ඩිවිලියර්ස් පිටියේ රැඳී සිටියදී කඩුලු 2 ක් වශයෙන් සටහන්ව තිබූ ලකුණු පුවරුව ඕවර 16 ක් අවසානයේදී සියලු දෙනා දැවී 191 ක් වශයෙන් සටහන් විය.
දකුණු අප්රිකානු කණ්ඩායමේ ප්රබල පිතිකරුවන් ලෙස සැලකෙන නායක . බී. ඩිවිලියස් (16) සහ ඬේවිඞ් මිලර් (01) දුවද්දී දැවීයෑම්වලට හසුවීම, දකුණු අප්රිකාවට විශාල ලකුණු සංඛ්යාවක් කරා යෑමට තිබූ මග අහුරා දැමීමක් විය. දක්ෂ පන්දුයැවීමක නිරත වූ බුවනේෂ්වර් කුමාර් සහ ජස්ප්රීට් බුම්රා කඩුලු 2 බැගින් දවාගනිමින් දකුණු අප්රිකානු ඉනිමේ පසුපෙළ සුණුවිසුණු කර දැමූහ.
පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 105 කදී ලකුණු 76 සම්බන්ධතාවක් ගොඩනැගීමට ආරම්භක පිතිකරුවන් වූ ක්වින්ටින් ඩිකොක් (53) සහ හෂීම් අම්ලා සමත් වූහ. රවිචන්ද්රන් අෂ්වින්ගේ පන්දුවක් හමුවේ මහේන්ද් සිං දෝනි අතට උඩ පන්දුවක් දෙමින් දකුණු අප්රිකානු ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවීයන විට අම්ලාගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුළත්ව තිබිණ.
ක්වින්ටින් ඩිකොක් පන්දු 72 කදී හතරේ පහර 4 ක් සමගින් සිය 14 වැනි අර්ධ ශතකය සම්පූර්ණ කළ අතර රවින්ද් ජදේජාගේ පන්දුවක් කඩුල්ලේ වැදීම නිසා ඔහුට පිටියෙන් ඉවත්ව යෑමට සිදුවිය. මෙම තරගයට සහභාගිවීමට පෙර අවසන් වරට ඉන්දියාවට එරෙහිව ක්රීඩා කළ තරග 9 දී (135, 106, 101, 7, 29, 34, 103, 43 සහ 109) ශතක 5 ක් සමගින් ලකුණු 667 රැස්කිරීමට ඩිකොක් සමත්ව සිටියේ




දඩුවම් ලද නිසා නායක චන්දිමාල් නිදහස් තරග 2 කින් ඉවතට

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නිදහස් කුසලාන විස්සයි - 20 ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පෙරේදා (10දා) පැවැති තරගයේදී ශ්‍රී ල...