දකුණු අප්‍රිකා කණ්ඩායමේ චැම්පියන්ස් කුසලාන තරඟාවලියට එක් වුයේ ශ්‍රේණි ගත කිරීම් වල පළමු තැන දිනාගත් කණ්ඩායම ලෙසිනි.අවසානයේ දකුණු අප්‍රිකාවේ චැම්පියන්ස් කුසලාන ඉරණම තීරණය වුයේ චැම්පියන්ස් කුසලානයට එකතු වූ අවසානම ශ්‍රේණි ගත කණ්ඩායම වූ පකිස්ථානය අතින් පරාජයට පත්වීමත් සමඟය.
ඉන් පසුව පැවති ඉන්දියාව සමඟ තරඟයෙන්ද පරාජයට පත්වූ දකුණු අප්‍රිකා කණ්ඩායම චැම්පියන්ස් කුසලානයෙන් ඉවතට විසිවූ අතර ඉන්දීය කණ්ඩායම සමඟ තරඟය පරාජයට පත්වීමේ ප්‍රධාන හේතුවක් ලෙස දකුණු අප්‍රිකාවේ දුර්වල කඩුලු අතර දිවීම පෙන්වා දිය හැක.
තම නායකයාගේ දුවද්දී දැවී යාමේ වගකීම බාරගන්නා ෆැට්, මිලර්ගේ දුවද්දී දැවී යාම ගැනද අදහස් දක්වා ඇත.
“මම සම්පුර්ණ වගකීම ගන්නවා ඩිවිලියස්ගේ දුවද්දී දැවී යාමේ,එතන සම්පුර්ණ වරද මගෙන් උනේ.ඩිවිලියස් කියන්නේ අපිට ඉන්න ප්‍රදානම ක්‍රීඩකයා,ඒ වෙලාවේ ඔහු හොඳින් පන්දුව දකිමින් හිටියේ අවාසනාවට මගේ පැත්තෙන් වුන වරදක් නිසා තමයි එයාට ඉනිම අවසන් කරන්න වුනේ”
එම දැවී යාමෙන් පන්දු කිහිපයකට පස්සේ ඩේවිඩ් මිලර්ද දුවදදී දැවී යාමකට ලක් වුන අතර එම අවස්තාවේ පැවති තත්වය පිළිබඳව ඩුප්ලේසි තම අත්දැකීම විස්තර කර ඇත.
“ඒ වෙලාවේ පුදුම සද්දයක් තිබුනේ අපි දෙන්න ළඟ ඉදගෙන කතා කරන දේවත් අපිට ඇහෙන නැති තරම් සද්දයක් තිබුනේ.අපි කථා කරගත්තේ පුළුවන් හැම ලකුනම අරගෙන හොඳ සම්බන්දතාවයක් එක්ක ඉස්සරහට යන්න තමයි අපි හිතාගෙන හිටියේ පන්දු කීපයයි ගියේ,ඩේවී ලකුණකට ඉස්සරහට ආව මමත් දැක්ක එතන ලකුණක් අන්තිමට අපි දෙන්නම පිටිය මැද තනි වුනා.”
No comments:
Post a Comment