Thursday, June 8, 2017

අරාබි රටවල් කටාර් රාජ්‍යය තනිකිරීම පිටපසු සැඟවුණු හස්තය ගැන විස්තර එළියට

පසුගිය දිනෙක මැදපෙරදිග රටවල් කිහිපයක් එකතුව කටාර් රාජ්‍ය සමඟින් පැවති සියළු සබඳතා නවතා දැමුවේ තමාගේ ඉල්ලීමක් මත බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.
අදාල රටවල් කටාර් රාජ්‍ය සමඟින් ඇති සියළු සබඳතා නවතා දැමුවේ ත්‍රස්තවාදයට අනුබල දෙන බවට චෝදනා කරමින් වන අතර මෑතකදී තමන් සවුදි අරාබියේ කළ සංචාරයේ ප්‍රතිඵල දැනටමත් දැක ගන්නට ලැබෙමින් පවතින බව ට්විටර් පණිවුඩයක් යොමු කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ, මැද පෙරදිග මතු වී තිබෙන වාතාවරණය “ත්‍රස්තවාදයේ බියකරු බව නිමා කිරීමේ ආරම්භය” වනු ඇති බවයි.
මේ අනුව ඉස්ලාමීය ත්‍රස්ත කණ්ඩායම්වලට සහය ලබා දෙන බවට චෝදනා කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, ඊජිප්තුව, බහරේනය, ලිබියාව සහ යේමනය යන අසල්වැසි අරාබි රටවල් කටාරය සමග පැවති තානාපති සබඳතා අත්හිටුවනු ලැබුවා.
මීට සමගාමීව ගුවන් සේවා සමාගම් ගණනාවක් කටාරයේ දෝහා අගනුවර වෙත සහ ඉන් පිටතට සිදු කෙරෙන ගුවන් ගමන් අත්හිටවූ අතර පසුව වාර්තා වුණේ කටාරය සමග සම්බන්ධතා අත්හිටුවීමට මාලදිවයින ද පියවර ගෙන ඇති බවයි.
කෙසේ නමුත් විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සවුදි සංචාරයෙන් සති දෙකකට පසුව අරාබි රටවල් ගත් තීන්දුව ඉතා වැදගත් බවයි.
අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීමට සූදානම් බව කටාරය පවසන අතර, ඊට මැදිහත්කරුවෙකු ලෙස ක්‍රියා කිරීමට කුවේටය ඉදිරිපත්ව සිටින බවටද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර සිටිනවා.

No comments:

Post a Comment

දඩුවම් ලද නිසා නායක චන්දිමාල් නිදහස් තරග 2 කින් ඉවතට

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නිදහස් කුසලාන විස්සයි - 20 ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පෙරේදා (10දා) පැවැති තරගයේදී ශ්‍රී ල...