ශ්‍රී ලංකා පිල ඉන්දියාවට එරෙහිව තරඟය ජයගැනීමත් සමඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ලෙසින් කටයුතු කරන සනත් ජයසූරිය අද (9) අළුයම එංගලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා.
ඔහු එහිදී අන්තර් සමාගම් අතර පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලියක් සඳහා සහභාගී වීමට නියමිත බවයි
අප වෙත ලැබුණු විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වුණේ.
ඔහු ක්‍රීඩා කරන කණ්ඩායමේ නායකයා ලෙසින්ද කටයුතු කරන්නේ සනත් ජයසූරිය වන අතර ලබන 12 වනදා පැවැත්වෙන ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර තරඟය නැරඹීම සඳහාද ඔහු බොහෝ දුරට සහභාගී වනු ඇති බවයි ආරංචි මාර්ග වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ.
එමෙන්ම එදින තරඟය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයින් 11 දෙනා තේරීමේ කටයුතුද ඔහුගේ අධීක්ෂණය යටතේ සිදුවනවා.
No comments:
Post a Comment