Friday, June 9, 2017

පිට්‌ටනිය මැදදි එක එක දේවල් කියල බණිනවා” – ජයග‍්‍රහණයෙන් පසු කුසල් කියපු ආන්දෝලනාත්මක කතාව

11 වැනි එක්‌දින ක්‍රිකට්‌ අර්ධ ශතකය වාර්තා කරමින් ඉන්දියානුවන්ට එරෙහිව තරගයේ වීරයා වූ කුසල් මෙන්ඩිස්‌ වෙනත් රටවල් සමඟ ක්‍රීඩා කළාට වැඩි පීඩනයක්‌ මෙම තරගයේදී ලැබූ බව තරගයෙන් පසුව පවසා සිටියේය.
”ඇත්තටම මම ඉන්දියාවත් එක්‌ක ක්‍රීඩා කළ පළමු වතාව මේක. වෙන කණ්‌ඩායම් වගේ නෙවෙයි ඔවුන්. පිට්‌ටනිය මැදදි එක එක දේවල් කියල බණිනවා. නමුත් ඒ ගැන මම දැනගෙන තමයි ක්‍රීඩා කළේ. ටික වෙලාවක්‌ කඩුල්ලේ ඉන්න කොට ධනුෂ්ක අයියත් කිව්ව අපිට ලකුණු තියෙනවා ඉඳල ගහන්න කියලා.”
කෙසේ වෙතත් තමා පන්දුවට පහරදීමට පැමිණි අවස්‌ථාවේ ලකුණු ලබා ගැනීම පීඩනයක්‌ වූ බවද මෙන්ඩිස්‌ පවසයි., ”මට ගිය වෙලාවෙ ඉඳල ලකුණු ගන්න ටිකක්‌ අමාරු වුණා. නමුත් මට පුලුවන් තරම් කඩුල්ලේ ඉන්න කියන උපදෙස තමයි ඒ වෙලාවෙ ලැබුණෙ. මේ තරගයේදී මම ලොකු අත්දැකීමක්‌ ලැබුවා. මොකද අපිට කඩුල්ලේ රැඳී සිටියොත් ඕනම ගාණක්‌ ගහන්න පුලුවන් කියන විශ්වාසය ඇති වුණා.

No comments:

Post a Comment

දඩුවම් ලද නිසා නායක චන්දිමාල් නිදහස් තරග 2 කින් ඉවතට

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නිදහස් කුසලාන විස්සයි - 20 ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පෙරේදා (10දා) පැවැති තරගයේදී ශ්‍රී ල...