මුම්බායි ඉන්දියන්ස් නියෝජනය කිරීම ප්‍රහාරය පහසු කළා.
“අයි.පී.එල්. වල දී මට කිසිම තරගයක් ක්‍රීඩා කිරීමට නොහැකි වුනත් මං පුහුණුවීම් අතරතුරේ දි බුම්රාහ් සහ පාණ්ඩ්‍යා යන දෙදෙනාටම මුහුණ දුන්නා. ඒ හින්දා ඔවුන් මොන විදිහෙ පන්දු එවාවි ද කියලා හොඳ අවබෝධයකින් හිටියේ. ඒක මට එම පහර එල්ල කිරීමටත්, ඉනිම ගොඩනැගීමටත් වැදගත් වුනා. මාලිංගත් මට බුම්රාහ් පන්දු යැවීමේ දී කරන වෙනස්කම් ගැන කියා දුන්නා. ඒ නිසා මට විශාල පහරවල් වලට යෑමේ දී චකිතයක් ඇති වුනේ නැහැ.” අසේල කියා සිටියි.
මීට මාස දෙකකට පමණ පෙරාතුව අසේල ප්‍රබල ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව ඔවුන්ගේ ජන්ම භූමියේ දී ම ලකුණු 84ක විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අතර ඒ නිසාම ශ්‍රී ලංකා කණ්ඩායමට විස්සයි විස්ස තරගාවලි ජයග්‍රහණයක් ද හිමි විය. ඉන් දිනක් ගෙවී යද්දී අයි.පී.එල්. තරගාවලියේ පොහොසත්ම කණ්ඩායමක් වන මුම්බායි ඉන්දියන්ස් පිළ ඔහුව මිල දී ගත්තේය. එහිදී ඔහුට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නොහැකි වුවත් ශූරතාවය දිනා ගත් කණ්ඩායමේ කොටස්කරුවකු බවට පත්වීමට ඔහුට අවස්ථාව උදාවිය.
මැතිව්ස් සහ අසේල යන දෙදෙනාම දැන් ශ්‍රී ලංකා මැදපෙළ ශක්තිමත් කරන නිසා දැන් ශ්‍රී ලංකා සිංහ පෝතකයින්ට ඕනෑම අවස්ථාවක දී ම තරගයක් ජයග්‍රහණයකින් කෙළවර කිරීමට හැකි ආකා
රයේ තරග නිමා කරන්නන් දෙදෙනෙකුම හිමි වී තිබේ. “මං තරමක් සෙමින් ඉනිම ආරම්භ කරලා මට හොඳ යැයි හැඟෙන අවස්ථාවේ දි ප්‍රහාරය දියත් කළා. ජයග්‍රහණය වෙනුවෙන් පන්දුවාරයකට ලකුණු 7.5ක් පමණ අවශ්‍ය වූ නිසා මට ලොකු පහරවල්වලට යාම හැර වෙන විකල්පයක් තිබුණේ නැහැ. ඔව්, මට අවසානය දක්වා පිටියේ රැඳී සිටිමින් තරගයක් කෙළවර කිරීමට හැකියාවක් තිබෙනවා.” අසේල ගුණරත්න වැඩිදුරටත් පවසා සිටියේය.
No comments:
Post a Comment